කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරයෙකු මහවස්කඩුව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගත් පුවතක් වාර්තා වේ.

අල්ලගත් ඔහුව ප්‍රදේශවාසින් විසින් කළුතර උතුර පොලිසියට භාර දී තිබෙනවා.

මෙලෙස පොලිසියට භාර දී ඇත්තේ බදුරලිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරකු ය.

මොහු අසනීප නිවාඩු වාර්තා කර මහවස්කඩුව ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ තිබෙනවා.

එහිදී මෙම කොස්තාපල්වරයා තවත් යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවකගේ රන් මාලයක් මෙලෙස කොල්ලකා ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී හෙලි වී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *