පස්වැනි වරටත් අයි.පී.එල් ශූරයින් බවට පත් වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

අවසන් මහා තරගයෙන් පසුගියවර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 5ක ජයක් වාර්තා කරමින් මෙම ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගැනීමට සමත් වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් Wriddhiman Saha ලකුණු 54 ක්, Shubman Gill ලකුණු 39 ක්, හා Sai Sudharsan ලකුණු 96 ක් හා Hardik Pandya නොදැවී ලකුණු 21 ක් ලබා ගත්තා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි ඉනිමට ඉනිමේ තෙවැනි පන්දුව ක්‍රියාත්මක වීමෙන් අනතුරුව වර්ෂාවෙන් බාධා එල්ල වු අතර අනතුරුව තරගය පැය දෙකයි මිනිත්තු 20 ක පමණ කාලයක් නතර කිරීමට සිදු වුණා.

පසුව තරගය ආරම්භ කෙරුණේ පන්දුවාර 15 කදී ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක් චෙන්නායි කණ්ඩායමට ලබා දෙමින්. චෙන්නායි පිල ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ගයික්වඩ් ලකුණු 26, කොන්වේ ලකුණු 47 ක්, අජින්කෙයා රහානේ ලකුණු 27 ක්, ශිවම් ඩූබේ නොදැවී ලකුණු 32 ක් හා රවීන්ද්‍ර ජඩේජා පන්දු 6 කින් නොදැවී ලකුණු 15 ක් ලබා ගනිමින් සුපර් කිංග්ස් කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *