බූරුවා ගැසීමට ඇබ්බැහි වූ පියකු විසින් තම 16 හැවිරිදි වැඩිමහල් දියණිය එම බූරු පොළට පැමිණෙන පොලී කරුවෙකුට විකුණා ඇතැයි අගලවත්ත පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්දයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

දැරියගේ පියා අදාළ පොලී කරුවා ගෙන් බූරුවා ගැසීමට මුදල් ලබා ගෙන ඇති අතර එම මුදලට හිලව් කිරීමක් ලෙස පොලී මුදලාලි සමඟ ඇසුරක් පවත්වන්න ලෙස තම වැඩිමහල් දියණියට උපදෙස් ලබාදී ඇති බවත් ඊට දැරියගේ මව විරුද්ධ වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම සිසුවිය සැකකාර පොලී කරු විසින් නිවසට පැමිණ හා විවිධ ස්ථානවලට ගෙන ගොස් වසරක් පමණ තිස්සේ අපයෝජනයට ලක්කර ඇති බව ද පොලිසිය කියා සිටී.

මෙම සිදුවීමට අදාළව සිදුකල පරීක්ෂණ අනුව මෙම දැරිය මීට පෙර තම මාමා විසින්ද අපයෝජනයට ලක් කර ඇතැයි හෙළි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *