මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක යතුරුපැදි සොරකමේ යෙදුණු පුද්ගලයන් පස් දෙනෙකු සොර බඩුද සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් සොරා ගන්නා ලද යතුරු පැදි අටක්ද සමග මොරටුව පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ යතුරුපැදි සොරා ගත් අය අතර මෙවර පළාත් පාලන මැතිවරණයට කඩලාන කොට්ඨාසයෙන් නාමයෝජනා දුන් ජාතික ජන බලවේගයට තරග කරන අපේක්ෂකයෙකුද සිටින බව පොලීසිය පැවසීය.

සොරකම් කරන ලද යතුරුපැදිවල චැසි හා එන්ජින් අංක වෙනස් කර යතුරු පැදියක් රුපියල් පනස් දහස සිට ඉහළ මිල ගණන් වලට අලෙවි කර ඇතැයි ද සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *