විදෙස් ගමන් බලපත්‍ර 06ක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු ඊයේ(12) කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
52 හැවිරිදි සැකකරු වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද(13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.