Lord of the Rings සංගීතමය සම-නිර්මාණ සංදර්ශනය සඳහා ශ්‍රී ලාංකිකයෙකු තෝරාගෙන තිබෙනවා.

නුවන් හියු පෙරේරා නමැති ඔහු Lord of the Rings සංගීත සංදර්ශනයේ “සෑම්” යන චරිතය වෙනුවෙන් තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

The Lord of the Rings ඉදිරි සංගීතමය සම-නිර්මාණය සඳහා සහභාගී වන නළු නිළියන් පසුගියදා නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව නුවන් හියු පෙරේරා එහි චරිතයක් වෙනුවෙන් තෝරාගෙන ඇති අතර ඔහු බ්‍රිතාන්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වනවා.

The Lord of the Rings යනු මෙතෙක් ලියා ඇති වඩාත්ම වීර කාව්‍ය කථා වලින් එකක් වනවා.

2003 නොවැම්බර් 17 වන දින නිකුත් වූ The Lord of the Rings චිත්‍රපටය, වැඩිම විවේචක ප්‍රසාදය දිනූ චිත්‍රපට අතරින් එකක් වන අතර මෙතෙක් වැඩිම Box Office සම්මානය ලැබූ චිත්‍රපටය බවට ද පත්ව තිබෙනවා.

‘ටයිටැනික්’ චිත්‍රපටයට පිටුපසින් සිටිමින් මෙතෙක් ලොව පුරා දෙවැනි වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවට ද පත්ව ඇත්තේ The Lord of the Rings චිත්‍රපටයයි.

එම චිත්‍රපටය මුල් කර ගනිමින් නිර්මාණය වන සංගීත සංදර්ශනය එක්සත් රාජධානියේ වෝටර්මිල් රඟහලේ පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙන්නේ එළිමහන් සංදර්ශනයක් ලෙසයි.

ඊට නළු නිළියන් 20 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතයි.

Lord of the Rings සංගීත නාට්‍ය සංදර්ශනයේ පද රචනය Shaun McKenna සහ Warchus විසින් සිදු කර ඇති අතර A.R. රහ්මන් ඊට සංගීතමය දායකත්වය ලබා දී තිබෙනවා.

2023 මාර්තු 13 වන දින පොදුරාජ්‍ය මණ්ඩලීය දිනයේදී Westminster Abbey Service of Celebration හිදී “අනාගතයේ” ගීතය ගායනා කිරීමත් සමග නුවන් හියු පෙරේරා සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබුණා.

නුවන් හියු පෙරේරා ‘Life of Pi’ වෙනුවෙන් ද සිය රංගන දායකත්වය දක්වා ඇති අතර ඔහු නැසීගිය Ruwani Seimon යටතේ පුහුණුව ලබා ‘Oklahoma,’ ‘West Side Story,’ ‘Phantom of the Opera,’ සහ ‘Les Misérables’ වැනි සම්භාව්‍ය වැඩසටහන් සඳහා ද සිය දායකත්වය දක්වනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *