ගණිකා සේවයේ යෙදුනු 24 හැවිරිදි කාන්තාවක් ඒ හරහා උපයා ගත් දේපල හා වත්කම් කළ වටිනාකම රුපියල් මිලියන සීයකට අධික බව හෙළි වී තිබේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ධනවතුන් නිතර යන එන ගණිකා නිවාසයක් වලාන දුෂණ මර්ධන ඒකකය විසින් වැටලීමෙන් පසු මෙම තොරතුරු හෙළි වී ඇත.

එම ගණිකා නිවාසය වැටලීමේදී තායිලන්ත කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගණිකා වෘත්තියේ නිරතව සිටි 24 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට සුඛෝපභෝගී මෝටර් රථ තුනක් රුපියල් කෝටි දහයකට අධික දේපලක් හා පිළියන්දල ප්‍රදේශයේ තෙමහල් නිවසක් ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.

ඇය සඳහන් කර ඇත්තේ මෙම සියලු වත්කම් උපයා ගත්තේ ගණිකා වෘත්තියෙන් බවයි.

මෙම කාන්තාව ගණිකා වෘත්තිය වීමෙන් දිනකට රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක් උපයා ගෙන ඇතැයි ද හෙලි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *