වව්නියාව කන්නට්ටිය ප්‍රදේශයේදී අද (16) උදෑසන පාසල වෙත යමින් සිටි මවක් සහ ඇගේ අවුරුදු 06 ක් වයසැති දියණිය මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මිය ගොස් ඇතැයි පරයානංකුලම් පොලීසිය පවසයි.

මිය ගිය මව අද උදෑසන 7 ට පමණ පූවර්සන්කුලම් පාසල වෙතට ඇගේ දියණිය රැගෙනයාමට ප්‍රධාන මාර්ගයට පැමිණ ඇත්තේ බස්රථයක් බාලාපොරොත්තුවෙනි.

මාර්ගයේ අයිනකට වී සිටි මව සහ දියණිය සිටි දෙසට වව්නියාවේ සිට මන්නාරම් දෙසට ධාවනය වූ කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එකවරම මාර්ගයෙන් ඉවතට පැන මවගේ සහ දියණියගේ ගැටීමෙන් දෙදෙනාම එම ස්ථානයේම මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

කැන්ටර් රථයේ රියදුරුට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපලකර සිටියි.

අනතුර සිදුවූ අවස්ථාවේදී කැන්ටර් රථයේ තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු පලා ගොස් තිබුණි.

පසුව එහි සිටි අනෙක් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදීමට උත්සහ ගැනීමෙන් නොසන්සුන් තාවයක් මෙන්ම වව්නියාව මන්නාරම් මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වුණි.

පසුව සිද්ධිය වූ ස්තානයට පැමිණි පරයානන්කුලම් පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තත්වය පාලනය කල අතර පලාගිය සැකකරුද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ කන්නට්ටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සිවලෝහනාදන් සුබොහිනි සහ 06 හැවිරිදි ඇගේ දියණිය වූ සිවලෝහනාදන් දිනුෂියා යන අයයි.

අපරික්ෂාකාරී රයධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැකපල කරන අතරම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්සණ අරඹා ඇතැයිද පරයානන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *