බටපොල – අම්පේගම මාර්ගයේ කහටපිටිය 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක්, මාර්ගය හරහා ගමන් ගත් කාන්තාවකගේ සිරුරේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලිසිය සඳහන් කරන්නේ.

79 හැවිරිදි මියගිය කාන්තාව කහව, දඩල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම අනතුර යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය පැදවීමෙන් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර සිද්ධිය සම්බධයෙන් බටපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *