2023ජුනි මස 23 වන දින 2 වන කොටසේ අතිරේකය ලෙස 2023/06/26 නිකුත් කරන ලද ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතක් පොහොට්ටුවේ පා.ම ජයන්ත කැටගොඩ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඡන්දයක් පැවැත්වීමට මුදල් නොමැති බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල් දමා ඇති මොහොතක යළිත් හිටපු පළාත් පාලන නියෝජිතයින් කැඳවා පළාත් පාලන නැවත ස්ථාපිත කිරීම තුලින් ඔවුන්ට දීමනා ගෙවීමට මුදල් තිබෙන්නේ කෙසේද යැයි ගැටළු සහගත තත්වයකි.

දේශපාලන ආරංචි මාර්ග අනුව මැතිවරණයක් පැවැත්වීම තුළින් ඉතා අවාසිදායක තත්වයකට මුහුණ දීමට සිදුවන බැවින් බලය ආරක්ෂා කරගැනීමට මෙම ක්‍රියාදාමය කර ඇති බව වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *