ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින ගැටුම හිස්බුල්ලා සංවිධානය මැදිහත් වුවහොත් ඔවුන්ට අනුග්‍රහය දක්වන ඉරානයට පහර දෙන බව ඊශ්‍රායලය සඳහන් කරයි.

ඊශ්‍රායලය ආර්ථික හා කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරන්නේ හිස්බුල්ලා සංවිධානය සෘජුවම ඉරානයේ ආධාර අනුග්‍රහය මත නඩත්තු වන බවයි.

යම් හෙයකින් ඔවුන් ගාසා තීරයේ තත්වයට මැදිහත් වූවොත් ඉරානය පෘථිවියෙන් අතුගා දමන බවට ද අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

හිස්බුල්ලා සංවිධානය මේ වන විට ලෙබනන දේශ සීමාවේ සිට ඊශ්‍රායලය හමුදාවන්ට ප්‍රහාර එල්ල කරමින් සිටින තත්වයක් තුළ අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක ප්‍රධානීන් මේ පිළිබඳව අදහස් දක්වා ඇත්තේ ඊශ්‍රායල හමුදා ඉරානයට පහර දෙන්නේ ඉරාන හමුදා සාමාජිකයන් ඊශ්‍රායලයට පහර දුනහොත් පමණක් බවයි.

නමුත් හිස්බුල්ලා සංවිධානය හෝ සිරියාවේ සිටින ඉරාන හිතවාදී ප්‍රහාරයක් එල්ල කොල හොත් එම තීරණය වෙනස් වනු ඇතැයිද ඔවුන් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *