තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල අගුණකොලපැලැස්ස සූරියආර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අයිස් මත්ද්‍රව්‍ය කොළ පැහැති වර්ණයකින් යුක්ත වන අතර ලංකාවේ ප්‍රථම වරට මෙම කොළ පැහැති අයිස් මත්ද්‍රව්‍ය හමු වූ බව පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී පැකට් පහක ඇසුරුම් කර තිබු අයිස් ග්‍රෑම් පහයි මිලි ග්‍රෑම් 70ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු හැට තුනක කාන්තාවක වන අතර සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *