අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (02) ඊයේ පැමිණියා.

එහිදී පැය 11කට ආසන්න කාලයක් සිදු කළ ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගැනුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *