කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති සීසීටීවී කැමරා ඔස්සේ ලබා ගන්නා දර්ශන මඟින් රථවාහන වැරදි හඳුනාගැනීම සහ දඩ පත්‍රිකා නිකුත් කිරීම ඊයේ (01) සිට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

මූලික ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති සීසීටීවී පද්ධතිය මඟින් රථවාහන වැරදි හදුනා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ කෙරුණේ පසුගිය 28 වන දා සිටයි.

කොළඹ නගරය තුළ ස්ථාපිත සීසීටීවී කැමරා පද්ධතියට හසුවන ලෙස රියදුරෙකු විසින් වරදක් සිදු කළ හොත් දඩ පත්‍රිකා ලබා දීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ මගින් සිදු කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *