නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සඳුදා (31) විදුලිබල පද්ධතියට එක් කළ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී මහතා පවසයි.

මෙගාවොට් 270ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන බවද ඔහු සඳහන් කළා.

මේ වනවිට කොළඹ වරායේ පාවෙන බලාගාරයේ සහ සපුගස්කන්ද බලාගාර ද විදුලිය නිපදවන්නේ නැත.

මේ වන විට පවතින ඩීසල් සහ ඉන්ධන තොග තවත් දින එකහමාරකට ප්‍රමාණවත් බව ඔහු ප්‍රකාශ කළේය.

එබැවින් අවශ්‍ය ඉන්ධන තොග නොලැබුණහොත් නැවත විදුලිය නිෂ්පාදනය ගැටලුවක් වනු ඇති බව ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *