Elon Musk චීනයේ Tesla මෝටර් රථවල ස්වයංක්‍රීය රිය පැදවීමේ මාදිලිය සක්‍රීය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට බීජිං වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෝන් මස්ක්ට චීනයේ සම්පූර්ණ ස්වයං රිය පැදවීම සක්‍රීය කිරීමට අවශ්‍ය වී ඇති අතර එරට දත්ත, algorithms ක්‍රමවේදය ඔස්සේ විශ්ලේෂණය කිරීමට අවශ්‍ය බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ස්වයං රිය පැදවීම එක්සත් ජනපදය ඇතුළු රටවල මේ වනවිටත් සක්‍රීයව ඇති නමුත් චීනයේ එය තවමත් ආරම්භ කර නැහැ.

චීනය ටෙස්ලා හි දෙවන විශාලතම වෙළඳපොලයි.

Xpeng වැනි අනෙකුත් මෝටර් රථ නිෂ්පාදකයින් ඔවුන්ගේ මෝටර් රථ මගිනුත් ස්වයං රිය පැදවීමේ කාර්යයන් අත්හදා බලමින් Tesla සමග තරග කිරීමට උත්සාහ කර තිබෙනවා.

දේශීය නීතිවලට අනුකූලව චීන පාරිභෝගිකයින් පිළිබඳ දත්ත සැකසීම සඳහා ෂැංහයි හි දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීම ඇතුළුව, රට තුළ FSD දියත් කිරීම පිළිබඳව චීන බලධාරීන්ට සහතික වීමට ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදකයා මීට පෙර පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය සඳහන් කරන්නේ ටෙස්ලාහි රියදුරු සහායක පද්ධතියට අදාළ ආරක්ෂක ගැටලු සාර්ථකව විසඳා ඇත්ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *