ශ්‍රී ලංකාව විසින් ඉරානයෙන් ලබාගත් ඩොලර් මිලියන 250න් ඩොලර් මිලියන 35ක් පියවා තිබෙන බව වාර්තා වනවා.

2012 වසරේදී ඉරානයෙන් ලබාගත් තෙල් සඳහා මෙසේ ණය මුදල් ගෙවා ඇති බවටයි වාර්තා වන්නේ.

ඉරානයට සම්බාධක පැනවීමත් සමග ශ්‍රී ලංකාවට අදාළ මුදල් ගෙවීමට නොහැකිවී තිබෙන අතර තෙල් සඳහා තේ හුවමාරු කිරීමෙන් ගෙවිය යුතු බදු පියවීමට රජය තීරණය කර තිබෙනවා.

මෙහිදී පෙබරවාරි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 35ක් ගෙවා තිබෙන බවත් තවත් ඩොලර් මිලියන 10ක් ඉක්මනින් ගෙවීමට නියමිතව තිබෙන බවත් සඳහන් වනවා.

කෙසේ නමුත් 2021 වසරේ දෙසැම්බර් මාසය තුලදී තෙල් සඳහා තේ ගණුදෙනුවට එකඟ වී තිබුණද ආර්ථික අර්බුදය හේතුවෙන් අපනයනය ප්‍රමාද වී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *