ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් 2019 සිට 2022 දක්වා කාලය තුළ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළා.නමුත් මෙම නඩුව සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ, ප්‍රියන්ත ජයවර්ධන මහතා එම තීන්දුවට විරුද්ධ වී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මෙම තීන්දුව ලබා දුන් බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *