අද (01) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මගින්, පොලීසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා, තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

ඇප මත මුදාහැර සිටින සැකකාර සචිත්‍ර සේනානායක මහතා මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *