මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17 කින් 2020 සිට 2022 දක්වා වූ වසර තුනේ දී වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමුන් 132 දෙනෙකු දූෂණයට ලක්ව තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් පොලීසියට වාර්තා නොවන සිදුවීම් ද සැලකීමේ දී මෙම අගය දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති බවත් මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය, නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසයි.

පොලිස් ස්ථාන 17 කට වාර්තා වූ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ 132 න් 15 ක් ගැහැණු ළමයා ගේ අකමැත්ත මත සිදුව තිබෙන බවත් මේ අනුව පෙනී යන්නේ වයස අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවන් බහුතරයක් දෙනා දූෂණයට ලක්වන්නේ තම කැමැත්ත මත බවත් මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් හෙතෙම පවසයි.
මෙරට පොලිස් ස්ථාන වෙත 2018 වසරේ සිට 2021 වසර දක්වා වයස අවුරුදු 16 ට අඩු ගැහුණු ළමුන් දූෂණයට ලක්වීමේ සිදුවීම් වලට අදාළ පැමිණිලි 6307 ක් ලැබී තිබෙන බවත් ඉන් 5055 ක්ම සිදුව ඇත්තේ ගැහැණු ළමයා ගේ කැමැත්ත මත බව පොලිස් වාර්තා පෙන්වා දෙන බවත් සුබසිංහ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *