ගාල්ල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක් අතරතුර දී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කර ඇත.

ගාල්ල වැලිගම පැළෑන ප්‍රදේශයේ හෝටලයක් තුළ අද අලුයම් කාලයේදී වෙඩි තැබීම සිදුව තිබේ.

පාතාල පිරිසක් ගමන්ගත් වෑන් රථයක් පසුපස පොලිසිය හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි හුමාරුවකින් පොලිස් නිලධාරියා මිය ගොස් තිබේ.මියගිය පොලිස් නිලධාරියා කොළඹ පොලිස් විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට(CCD) අනුයුක්තව සේවය කළ නිලධාරියෙක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *