ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා

අද (01) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති වෙත මෙම වාර්තාව භාර දී ඇත්තේ.

ඒ අනුව මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *