කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවකගෙන් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළොන්නාවේ පදිංචි සමන් විජේසුන්දර ජනවාරි මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සමන් විජේසුන්දර පසුගිය ‍දෙසැම්බර් මස 15 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහුව ජනවාරි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ගංගොඩවිල උසාවියේදී එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ මෙම තීන්දුව දෙනු ලැබුවා.

හිටපු ජනාධිපති හිටපු පෞද්ගලික ලේඛම්වරයෙකු වන කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කරන බවට තර්ජනය කරමින් ඩුබායි සිට තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබාදෙමින් මසකට ආසන්න කාලයක සිට තර්ජනය කළ සමන් විජේසුන්දරගේ සොහොයුරාගේ පුතා වන දැනට ඩුබායිහි පදිංචි පොළොන්නරුව බකමූණේ ඉමාශ රුවිශාම් නැමැති පුද්ගලයෙක් ඔහුගෙන් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලා තිබුණා.සමන් විජේසුන්දරගේ උපදෙස් මත මෙම කප්පම් ඉල්ලීම සිදුකර තිබුණා.

මේ සම්බන්ධයෙන් ජනක රණවක මහතා විසින් මිරිහාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර තිබු අතර, එහි වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වෙත පැවරුණා. කොළඹ අපරාධ කොඨ්ටාසයේ අධ්‍යක්ශකතුමා ඇතුළු පොලිස් නිළධාරීන්ගේ දක්ෂතාවය නිසා එක් කප්පම්කරුවෙක් වන සමන් විජේසුන්දර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසා සිදුවීමට ගිය විනාශයක් වළක්වා ගැනීමට හැකි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *