කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ සුඛෝපභෝගී රථය, කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා සහ රියදුරු රථයේ සිට ඇති බව සඳහන්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මියගොස් ඇති අතර ඔහු සමග ගමන් කළ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ද මියගොස් තිබෙනවා
ප්‍රාදේශීය සභාව හරහා දේශපාලනයට පිවිසි සනත් නිශාන්ත මහතා මියයන් විට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියා කරමින් සිටියා.

ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2015දී වන අතර 2019දී ඔහු පළමුවර වරට රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දුන්නා.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *