අරණායක දිසා රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළැයි කියන එස රෝහලේ වෛද්‍යවරයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා වෙත අද නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වෛද්‍යවරයා අරණායක රෝහලේ සේවය කරන බවත් ඉකුත් 06 වැනිදා අරණායක දිසා රෝහලේ සේවය කරමින් සිටියදී 28 හැවිරිදි අවිවාහක වෛද්‍යවරියකගේ රහස් ප්‍රදේශය කාමරයක් තුළ දී ස්පර්ශ කර ලිංගික අතරවයක් සිදු කර බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කෙරිණ.

පසුව වෛද්‍යවරිය පියාට දැනුම් දීමෙන් පසු පියා කෑගල්ලට කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේය.

වෛද්‍යවරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියකට අදාළව අරනායක ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු එළඹෙන දොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

අරනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

හතළිස් පස් හැවිදි කමල් ධර්මවංශ නම් වෛද්‍යවරයෙක් වන සැකකරු ඉකුත් හයවෙනිදා රෝහල් කාමරයකදී 28 හැවිරිදි මෙම අවිවාහක වෛද්‍යවරියට ලිංගික අතවරයක් සිදු කළේ යැයි චෝදනා වී තිබේ.

කෙසේවෙතත් මෙම වෛද්‍යවරයා දේශපාලන පක්‍ෂයක සංවිධාකයකු ලෙසද කටයුතු කරන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *