ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස කටයුතු කල ඇය එම පක්ෂයේ යටිනුවර ආසන සංවිධායකවරියද වේ. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් සිටියි.

දශක දෙකකට වැඩි කාලයක් පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ලෙස ඇය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනිය ආදී තනතුරු රැසක් ද හෙබවා තිබේ.

අදදින සමගි ජන බලවේගය සමඟ එක් වූ ඇයට සජබේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටු 3ක විධායක සාමාජික ධුරයට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කර ඇත.

සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. දේවිකා කොඩිතුවක්කු මහත්මියව පත් කිරිමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *