“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර තිබෙනවා.

2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බවයි හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

“ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවකගේ සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයි” යන්න මෙම කෘතියේ අන්තර්ගතය වී තිබෙනවා.

මාර්තු 7 වන බ්‍රහස්පතින්දා දිනයේ සිට මෙම ග්‍රන්ථය සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනය පහතින්…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *