සභාපතිවරයාව නිවාස අඩස්සියේ තබා ගැනීම හේතුවෙන්, තාවකාලිකව සේවය අත්හිටුවා තිබූ සෙවනගල සීනි කර්මාන්ත ශාලවේ සේවකයින් යළි සේවයේ පිහිටුවා තිබේ.

දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා පසුගිය 5 වැනිදා සාකච්ඡාවක් පැවැති බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ඩී.ඒම්.වික්ටර් මහතා පැවසුවේ.

එහිදී සේවකයින් සභාපතිවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට කටයුතු කළ බව ද, ඔහු පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *