ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

පළමු තරගයේ දෙවෙනි ඉනිම සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 182ක් පමණයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 188ක් රැස් කළා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම සඳහා ලකුණු 418ක් රැස් කිරීමට සමත් වුණා.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනයේ දී ලකුණු 182කට දැවී ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *