අද දින ශ්‍රී.ල.නි.ප ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව,විධායක සභාව රැස්වූ අතර, එහිදී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සභාව අමතමින් වත්මන් දේශපාලන තත්ත්වය සහ එම පක්ෂයේ ඉදිරි ගමන් මග පිළිබඳව දීර්ඝව කරුණු පැහැදිලි කරන ලදී.

එමෙන්ම පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පක්ෂය පාවා දෙමින් ඇමතිකම් දැරීම නිසා, පාක්ෂිකයින් දැඩි කලකිරීමට පත්වී ඇති බවත්,ඔවුන්ට ලැජ්ජාවක් ඇත්නම් කරුණාකර පක්ෂය අතහරින්න ලෙස ප්‍රකාශ කල අතර, විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සන්ධාන ගොඩනැගීමට ආණ්ඩුවට සම්බන්ධ අපගේ මන්ත්‍රීවරු විශාල බාධාවක් බවද ප්‍රකාශ කරන ලදී

ඉන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දැරූවත් ඔහු දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපති විය යුතු බව පැවසීම නිසාත්,දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටීමින් කරුණු දැක්වීම නිසා ඔහුව පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදී.

එලෙසම සන්ධානයක් නිර්මාණය කිරීමට යන අවස්ථාවේදී ලසන්ත අලගියවන්න මැතිතුමා එයට බාධා කරමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බැවින් ඔහුවද භාණ්ඩාගාර ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදී.

මීට අමතරව ආණ්ඩුවේ ඇමතිකමක් දරණ මහින්ද අමරවීර අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදී.

මේ සම්බන්ධව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගෙන ආ යෝජනාවට මධ්‍යම කාරක සභාව, විධායක සභාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ ඒකමතික අනුමැතිය ලැබී ඇත. මෙහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයා, දුමින්ද දිසානායක මන්ත්‍රීවරුන් නිහඩව සිටි අතර ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා කතා කිරීමට උත්සාහ කළද සභාවේ බලවත් විරෝධය මත ඔහුට නිහඬ වන්නට සිදුවිය.

මෙම රැස්වීම සඳහා පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල සහ අංගජන් රාමනාදන් මන්ත්‍රීවරු මෙන්ම විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *