ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 2.6ක් දක්වාත්, ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා වැඩි කර තිබෙනවා.

මේ අතර මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහා වන ඇප තැන්පතුව රුපියල් 11,000ක් ලෙසත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000 දක්වාත් වැඩි කර තිබෙනවා.

තව ද පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙක් සඳහා ඇප තැන්පතුව රුපියල් 6,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 11,000ක් වන ලෙස එම ඇප තැන්පතු ගාස්තු ඉහළ දමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *