මහනුවර මහ නගර සභාවේ සියලු කාර්ය මණ්ඩල නගර සභා පරිශ්‍ර ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

නගර සභාවේ පරිපාලන නිලධාරීයෙකු හට මධ්‍යයම වෙළෙඳ පොළ ඉදිරිපිට දී‍ අනවසර වෙළෙන්ඳෙකු විසින් පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මධ්‍යම වෙළෙඳපොළ භුමියට ප්‍රවේශ වන මාර්ගය අවහිර වන පරිදි දමා තිබු පලතුරු තොගයක් ඉවත් කරන ලෙස දැනුම්දීම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්ය.

පහරකෑමට ලක්වු පරිපාලන නිලධාරීවරයා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මීට සතියකට පෙර කසල බැහැර කිරිමේ නිරත වු සේවකයෙකු ද පහරකෑමකට ලක්ව රෝහල් ගත කර තිබු අතර මෙම තත්ත්වය තුළ තම ආරක්ෂාව තහවුරු කරන ලෙස විරෝධතාවයේ නිරත නගර සභා කාර්ය මණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *