සංවිධායකයන් බහුතරයක් දැනුවත් නොකර විධායක සභාවේ නොවන පිටස්තර පුද්ගලයන් සහ නීති විරෝධි නව පත්වීම් ලබා දෙමින් පසුගිය සෙනසුරාදා කෝට්ටේ උත්සව ශාලාවකදී පවත්වන ලද ශ්‍රී.ල.නි.ප විධායක සභාව අනීතික නිති විරෝධි රැස්වීමක් බවත් එම රැස්වීම තුල විජේදාස රාජපක්ෂ මහතාගේ පත් කීරීම බල රහිත බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් තිලංග සුමතිපාල මහතා සදහන් කරයි.

පුද්ගලික වාසි සදහා කරන ලද මෙම පත් කීරිම් හෙලා දකින බව සදහන් කල එතුමා ශ්‍රී.ල.නි.ප පවාදීම් වලින් බේරා ගෙන පක්ෂය ශක්තිමත් කිරීම සදහා විශේෂ සාකච්චාවක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ සංවිධායකතුමන්ලා සමග හෙට දින(2024.04.25) පවත්වා ඉදිරි කටයුතු සිදු කරන බව සදහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *