රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට දර්ශන තලයකදී වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදු කරන රූගත කිරීමක වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

ප‍්‍රතිකාර සඳහා ජගත් මනුවරණ කොළඹ ජාතික රෝහලට එවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නැති බවත් සුළු තුවාල සිදුව ඇති බවත් වාර්තා වෙයි.

මෙම අනතුර සිදුවී ඇත්තේ වෙඩි පිපිරීම සිදුකළ ශිල්පියා අතින් අතපසුවීමක් සිදුවීමෙන් බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *