රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව මේ ඉරිදා දිනය වනවිට යුක්‍රේනයේ මානව හිමිකම් කොමසාරිස් පවසන ආකාරයට ළමුන් කිහිප දෙනෙකු ඇතුළු සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 210ක් ලෙස දක්වා තිබෙනවා.

Kyiv අගනුවර ප්‍රාථමික පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි Polina නම් දැරියද මියගිය අය අතර සිටින බව පවසයි.

අගනුවරට වයඹ දෙසින් වීදියකදී රුසියානු කඩාකප්පල්කාරී සහ ඔත්තු බැලීමේ කණ්ඩායමක් විසින් ඇය සහ ඇගේ දෙමාපියන් වෙඩි තබා මරා දමා තිබෙන බව Kyiv හි පළාත් පාලන අධිකාරිය පවසනවා.

පොලිනාගේ සහෝදරයා සහ සහෝදරිය රෝහලට ගෙන යාමෙන් පසුව සොහොයුරිය දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර තිබෙනවා.

ළදරු පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් හත් හැවිරිදි දැරියක් මිය ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *