සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (27) පැවැති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් කඩුලු 6ක ජයක් ඉන්දියාවට හිමි වුණා.

කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් තම පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රීලංකාව වෙනුවෙන් නායක දසුන් ශානක පන්දු 38කදී නොදැවී ලකුණු 74ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම යම් තැනකට ඔසවා තබන්නට දසුන් ශානක ට හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16.5ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රෙයාස් අයියර් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දිනා ගත්තා.

තරග 3කින් සමන්විත තරගාවලියේ තරග 3-0ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *