රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර තිබේ.

අදාළ නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණි.

නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම්දීමකට අනුව මෙලෙස නිදහස් කරන බව කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක කියා සිටියේය.

සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂිත මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පසුගිය 2015 වසරේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *