රුසියානු-යුක්රේන ගැටුම සමථයකට පත් කර ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡ අද පස්වරුවේ ශ‍්‍රී ලංකා වේලාවෙන් 2.30 ට ආරම්භ විය. කලින් ඇති කරගත් එකඟතාවට අනුව, සාකච්ඡා පැවැත්වූයේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය.

සාකච්ඡාවට එක්ව සිටින රුසියානු ප්‍රධානියෙකු සඳහන් කළේ පාර්ශ්ව දෙකටම යහපත්වන එකඟතත්වයකට පැමිණීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බවයි.

යුක්රේන නියෝජිතයන් 5 දෙනකුගෙන් සමන්විත එම කණඩායමට යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව්, යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මිකොලා ටොචෙට්ස්කි, ජනාධිපති කාර්යාල ප‍්‍රධානි මිකයිලෝ පොදොලියාක් එක් වී සිටියහ.

යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි දෙරට අතර සාකච්ඡාවේදී කතා කළ යුතු ප‍්‍රධාන මාතෘකා ලෙස සටන් විරාමය සහ රුසියානු හමුදා යුක්රේනයෙන් ඉවත් කර ගැනීම පෙන්වා දුන් දී තිබුණි.

රුසියානු හමුදාව විසින් යුක්‍රේනයට ඇතුළු වී අදට දින 05ක් ගතවන අතර මේ වනවිට යුක්‍රේනය වැසියන් ලක්ෂ 05කට ආසන්න සංඛ්‍යාවක් සිය මව්බිම අතහැර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු ප්‍රහාර වලින් යුක්‍රේන සිවිල් වැසියන් 352ක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර කුඩා ළමුන් 13 දෙනෙකු ද සිටින බවයි යුක්‍රේන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

යුක්රේන දූත පිරිස බෙල්රුසයට පැමිණීමේදී, රැස්වීමේදී සහ ආපසු යුක්රේනය බලා යාමේදී බෙලාරුසියානු භූමියේ ස්ථානගත කර ඇති සියලූම ගුවන් යානා, හෙලිකොප්ටර් ගුවන් ගත නොකිරීමටත්, මිසයිල පද්ධති අක‍්‍රීය කිරීමටත් වගකීම එම දුරකථන සංවාදයේදී භාර ගත් බවත් ” එම ප‍්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *