ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සිටි මන්ත්‍රීවරුන් 19 දෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එම පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කරන පිරිස පිළිබඳ මෙම තීරණය ගන්නා බව සදහන් වේ.

ඒ අනුව ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුතු නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සම්බන්ධව සහ අනුර ප්‍රියදර්ශන මහතාගේ කණ්ඩායමේ කටයුතු කරන තවත් 06 දෙනෙකු පිළිබඳ මේ ආකාරයෙන් කටයුතු කරන බව ට ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *