මහබැංකු සේවකයන් සදහා මාර්තු විසිපස්වනදා ලැබීමට නියමිතව ඇත්තේ, ඔවුන් මෑතකදී වැඩි කරගත් වැටුප බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබේ.

වැඩිකරගත් ප්‍රතිශතයට අදාල නව වැටුප පද්ධතියට ඇතුළත් කර ඇති බැවින්, මේ මාසයේ වැටුප ලෙස ඔවුන්ට ලැබීමට නියමිතව ඇත්තේ වැඩිකර ගත් වැටුප බව මහබැංකු අධිපතිවරයා පවස යි.

පද්ධතියට ඇතුළත් කර තිබෙන නව වැටුප ඉවත් කර නැවත පරණ වැටුප් පරිමාවට පද්ධතිය රැගෙන යාම සංකීර්ණ කාර්රයයක් බව පවසා ඇති මහබැංකු අධිපතිවරයා, එය කඩිනමින් ක්‍රියාත්මක කළ නොහැකි බවද පවසා තිබේ.

එමෙන්ම, වැඩි කළ වැටුප වෙනුවට, පැවති පරණ වැටුපම යළි ලබා දීමට තීරණය කළහොත්, සේවකයන් වැඩි දෙනෙකුට හිමි වන්නේ සෘණ වැටුපක් බවද මහබැංකු- අධිපතිවරයා පවසා තිබේ.

මහබැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මුදල් කාරක සභාව හමුවේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *