මත්පැන් මිල අඩු කරන බවට පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් පසුගියදා බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මත්පැන් මිල පහත හෙළීමට කටයුතු කරන බව සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණද එවැනි සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා තම දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමක් හෝ උපදෙස් ලබාදීමක් සිදුකර නොමැති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

එම නිසා සුරාබදු අනුපාතිකයන් පහළ හෙලීමක් හෝ කිසිදු මත්පැන් වර්ගයක මිල අඩු කිරීමක් සිදුනොවන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *