දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමෙන්ම දේශීය ගොවින් සහ නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා ඒ වෙනුවට තීරු බද්ද හා බැඳුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද, දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙන වකවානුවේදී ඔවුන්ව අරක්ෂා කරගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි ක්ෂණික බද්දක් ලෙස මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වූ බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් ගොවියා ආරක්ෂා කරගැනීම සඳහා ගොවි නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙන නිශ්චිත වකවානුව හඳුනාගෙන, දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුණු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *