බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (28) පැවසුවේ මහ බැංකුව ඉන්ධන සඳහා අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බවත් ඩොලර් අඛන්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවත්ය.

ඇපල්, මිදි සහ දොඩම් කාලා කළුවරේ ඉන්නවාද, පිට රටින් වතුර ගෙනල්ලා බීලා වහනවලට තෙල් නැතුව ඉන්නවද එසේ නොවේ නම් කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනියම පාවිච්චි කිරීම බවත් පැවසිය.

තමන් ද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන කටයුතු කිරීම නැතහොත් ඇපල් මිදි ඇති තෙල් ටික නැති සහ පිට රටින් ගේන මීපැණි ඇති ඒත් ඖෂධ නැති රටක් වෙනවා යන තීරණය ආණ්ඩුව ගතයුතු බවත් අමාත්‍යවරයා කීය.

ඔක්ටේන් 92 කට සාපේක්‍ෂව ඔක්ටේන් 95 ඉතා සුළු වශයෙන් අළෙවි වුවත් 92 අවසන් වන විට ජනතාව 95 ට මාරු වන බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන නැව් නිදහස් කරගැනීමේ ප්‍රමාදය නිසා ඉන්ධන තොග පහත බැසීමෙන් නව තොග ලැබෙන තෙක් සැපයමු සීමා කළ බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *