අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අද පස්වරු 02ට ආගමික කටයුතු සිදුකර තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසානයේදී දේහය මිහිදන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනතාව පීඩාවට පත්වු අවස්ථාවලදී විශාල සමාජ මෙහෙවරක් සිදුකළ දේශපාලනඥයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම මහතා, සමාජය තුළ කැපීපෙනුණ චරිතයක් වූ අතර ඔහු බොහෝ දෙනාගේ ආදරයටද ලක්වූ චරිතයක් වුණා.

පසුගිය 16 වනදා විදුලිසැර වැදීමක් හේතුවෙන් 64 හැවිරිදි පාලිත තෙවරප්පෙරුම මහතාට අනපේක්ෂිත ලෙස ජිවිතයෙන් සමුගැනීමට සිදුවුණේ සියලුදෙනාව සංවේදී කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *