අපරාධ මර්ධන සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුම මෙරට ජපාන තානාපති මිසුකොෂි හිඩෙඅකී ප්‍රශංසාවට ලක්කර තිබෙනවා.

ඒ ඊයේ (18) ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවූ අවස්ථාවේදීයි.

විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.

ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙම හමුවේදී තානාපතිවරයා සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මේ වනවිට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ සාර්ථකත්වය සහ එහි වැදගත්කම පිළිබඳවද ජපාන තානාපති මිසුකොෂි හිඩෙ අකී දැනුවත් කරඇති අතර ඉදිරියේදී යළිත් අවස්ථාවක ජපාන තානාපති මිසුකොෂි හිඩෙඅකී, අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී ඉහත සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *